Lyrics: Dhanith Sri
Music: Dhanith Sri
දිගැසියේ..
කොපුල් තෙමා හිටි හැටියේ..
ඈ ඇවිද ගියා තරු පලසේ..
හීන මවාලා.. ඈත ගියා දැන්..
මා මිය යයි හද ගැස්මේ..
කොපුල් තෙමා හිටි හැටියේ..
ඈ ඇවිද ගියා තරු පලසේ..
හීන මවාලා.. ඈත ගියා දැන්..
මා මිය යයි හද ගැස්මේ..
මායාවන් හංගමි..
සේයාවක්වත් නොදී..
ඈගෙ රූ මා ඈතින් වින්දෙමි..
රූපයේ මන බන්ධනී..
ප්‍රේමයේ අනුරාගිනී..
වේදනාවේ මා තනිවෙමි..
දිගැසියේ..
රූ අඳුන් ගල්වන්නියේ..
මා හැඟුම් රිදවන්නියේ..
රූපයෙන් මන මා මත්වෙමි..
රාත්‍රියේ සඳවන් මුවේ..
නිල් නුවන් සිපගන්නෙමි..
මේ සිහිනයේ මා නවතිමි..
දිගැසියේ..