Lyrics: Heshan Attanayake Music: Madhuritha Samarasinghe පෙම් හීනේ හීසර වැදුණාදෝ ආලේ ආ ඒ ආලේ මල් පාරේ..... රහසේ යන්තම් අදුරේ දුටු ඒ නුඹගේ හසරැල්ලේ අරුමේ නොදනිම් සිතුවිල්ලේ....... හිතුමතේ මං ආසයි සිත්සේ මේ සියොතුන් වාගේ ඉගිලෙන්නට අහසේ දැන් පාවෙයි වාගේ පවනැල්ලේ පහසේ මේ කුළුදුල් සෙනෙහේ මනකැල්මේ අද මම සුවසේ පියමැන මේ.... යාමේ මං ආසම අදුරේ මගෙ දෙතොලත අතරේ නුඹ දැවටෙන මොහොතේ මගෙ හැගුමන් පිබිදෙන- හීනෙම නිදිගෙන - විදිනටනේ මං හිතුමතේ මං ආසයි සිත්සේ මේ සියොතුන් වාගේ ඉගිලෙන්නට අහසේ..