Lyrics: Lakshitha Mihiran Music: Lakshitha Mihiran කඳුලැල් සඟවා ඉන්නට හැකිනම් දෙකොපුල් තෙමුනේ කොහොමද පවසන් නිකැලැල් මාගේ ආලය විඳිමින් හසරැල් නැංවූ ඔබ ඇයි තරහින් වෙනදා තරම් මුව දෙන්නෑ අදත් මට නුඹ මිසක් කවුරුත් නෑ තවත් සඳකැන් වසාලූ මේ රෑ යාමේ නුඹ ඇයි කුමාරී සයනට නාවේ තරු මල් පවා මට ඉඟි බිඟි පෑවේ නුඹ ඇයි සඳේ මා ඉවත හෙලූයේ නිදි නේන කාරනා හිත ගාව ඈඳිලා නුඹ කීව ගීතිකා සිහිවී ගියා පෙර වාගෙ පෑ සිනා යළි ඒද පීදිලා ඒ කාලෙ ගෙන එන්න ආයෙත් සදා නුඹෙ පහස නොලැබිලා දෙදිනක්ම ගත වුනා යළි එන්නෙ නැති වේද පෙර මෙන් ඔයා විරසකව තනිවෙලා ඉනු බැරිය හිනැහිලා මා එක්ක සැනසෙන්න බෑ රළුවෙලා සඳකැන් වසාලූ මේ රෑ යාමේ නුඹ ඇයි කුමාරී සයනට නාවේ තරු මල් පවා මට ඉඟි බිඟි පෑවේ නුඹ ඇයි සඳේ මා ඉවත හෙලූයේ