Lak Matha

Lyrics: Prikash Sulakshana Music: Sanda Welikala සිවුරු පොරවන් අදී ජාතිභේද ඔය රැක ගන්න දගලන්නෙ සාසනේද
බුදුන් කිව්වෙ ඔය කාරනේද වෙනස් කළ යුතු නොවේද මේ පාලනේම
තැන තැන කියවන්නෙ පුතානෝ ඔව් මං පොර
විවාදය ගැන ඇහුනත් වචනයක් ඌ කොර
මිනිස්සු ගේන්නෙ ආණ්ඩුවක් විසඳන්න එයාලගේ ප්‍රශ්ණ කරන්නේ හොරකම ජඩකම විතරයි විසඳෙන්නේ නෑ කවදාවත් ප්‍රශ්න
කියවන්නෙ 88/89 ඇයි උඹලට අමතක 83 මුන්ට ඕන බිහිකරන්න යුගයක් මිනිහෙක් මිනිහෙක්ව මරන් කන
ගෙනාව තොපි එක පාලකයෙක් අවුරුදු දෙකක් යද්දි ඌ ගෙදර ඊට පස්සේ මහ බැංකු හොරෙක් ඌ කවද කරාවිද හොරකම නතර
ලක්මෑණිට අසාධ්‍යයිලු වග කියන්න ඕනලු JVP උදේ පාන්දර විකාර කියවයි බලන්න අප්පිරියයි TV
චමුදිත ඔයා හිරිකිත ඇයි කියවන්නේ බොරුවට කට මැද වහ ගනින් බොගේනිරුවත උඹ රැකගන්න දගලන්නේ සජියගෙ පතිවත
ඉතින් අහගන්න හිතවත මුන් හදාවිද කවදාවත් මේ රට රට යන්නේ ආපස්සට සැනසිල්ල නිදාගන්නේ කොහොමද හෙට
උස නම් Security මිටිනම් කම්කරු තැන තැන කියවන්නෙ බහුබූත විකාර ඡන්දෙ ලං වෙද්දි මුන් දෙන්නෙ පොරොන්දු ඉටු වෙන්නෑ කවදාවත් නානප්‍රකාර
පොඩි මිනිහගේ හිතවතාලු මගේ පියාණන් සැමදා වැජබේවා පොඩි උන්ට කියයි ජපන් දන්නවලු ...................................................
මුලින් හිතපල්ලා මොලෙන් කාටවත් හදන්න බෑ කාවත් බලෙන් මිනිස්සු මනින්නෙ තාමත් කුලෙන් රට කවද හදාවිද මලේ
මිනිස්සු ආයෙ රැවටෙන්නෑ දැන් දන්නව කාගේ කාගෙත් කැරට්ටුව අපරාදෙ පරවෙන්න දෙන්නෙපා නාමල් ඔතල ගහපං ඔය පොහොට්ටුව
කැලේ කපන්නෙ අක්කර ගනං මුන්ට පිටරටවල සින්නක්කර ඉඩම් පිටරැටියොන්ට විකුනන්නෙ ලංකාව පොඩි මිනිහගේ හුස්ම උගසට තියන්
අප්පච්චිගේ රජකම ඉවරයි එයා යන්නෙ දැන් හැරමිටියෙන් තාමත් කඹුරන මෝඩ බයියො හොර පවුල රකී අවසිහියෙන්
කැම්පස් වල කොල්ලො කෙල්ලො අරගල බිම් වල මහ පාරේ නිදහස් අධ්‍යාපනේ ඉල්ලද්දි උත්තර දෙයි මුං ජල පාරෙන්
ගතයුතුයි නිසි තීරණ නැති උනොත් ගොඩ ගන්න බැරිවෙයි ආයෙත් රට ඔලුවල ඇති මනස්ගාත විසිකර අපි එක්වෙමු එක මිටකට