Lyrics: Sajith V Chathuranga/Akash Nimsara/Chira boy
Music: Shenal Maddumage
ලබාගන්න පින් මදි වූ
බලා සැනසෙන්න හැකි වූ
ලොවේ යම් කෙනෙක් ඇත්නම් ඒ ඔබයී
නිමාකලේ ඔබ රැවටූ
අමාරුවෙන් ගොඩ නගපූ
මගේ ජීවිතේ අවසන් ප්‍රේමයියී
වැඩිකල් ගත නොවී ඔබ මගේ
අඩුව තේරුම් ගනී යලී
සුලගක් විලස නුඹ හැර ගියා ගොඩක් දුර මගෙන්
කැපකිරීම් එමට කලා රැදෙන්න ඒ හදෙන්
ආලෙන් එහා නෑ කිසි දෙයක් පැතුවෙ නුඹෙන්
මං පතන්නේ මගෙම වෙලා එන්න මතු භවෙන්
ලංකරගත්තෙ අහිමි මලක් ඒ භව නොදැන
සතුටින් ගෙවුනා පැයත් ඉද්දි නුඹ ලගම
විදවන්නෙ අද තනි හිතක් එකම පෙමක
සීමා විරහිත ඒ ආලෙන් ගෙවන්නෙ කරුම
යන්නම යන්නම ඕනා,වචනයකින් මාරෝනා
ගියත් හැර නුබ සුබ වෙන්න තමයි ඕනා
හිත රිදවලා ආ තවත් හඩවලා
නුබ නැති කතරක වෙන්නම් මං හුදකලා
කොච්චර කාලයක් වෙහෙසුනත්
තව හිතකට යන්න හිත හදන්
ඔබ අමතක කරන්න මොහොතක්
මතක නැති උනා
නැතිවග මේ ලොවේ කොහේවත්
ස්ථිරයි කියා ප්‍රේමයක්
තේරුම් කෙරුවට දහස් වරක්
තුති පුදනෙමි මා
ඔබ ආයේ එනවනම්
මිහිදන් කල පෙම අරන්
ආසයි ඔය නෙතු පියන්
දෙස ආදරයෙන් බලන්නම්
කියාදෙන්න ආදරේ තරම් //
වාවගන්න බෑ මේ වේදනා පපුවට මගේ
හීනයක් වෙලාවත් එන්නෙ නෑ ඔබ පෙර වගේ
ලේ වලින් කුරුටු ගා දිව්රලා මන් කියන්නම්
අද ළගින් නැති උනත් ආදරෙයි තාම මං
මතු දිනෙක මම පොළොවෙ වැලලෙන තුරූ
ඔය දෑත මට අයිති නැතුවැති සුදූ //