Somi Sanda Kiranai

Lyrics: Nanda Udawaththa Music: Sri Lakmal සොමි සඳ කිරණයි වනමල් ගොමුවයි මිගදා වනපෙත එකළු වෙලා මංගල ගමනකි සමිදුන් වැඩියේ පස්වග තාපස අරණ කරා// දම්බෙර වැයුණා - ජයසක් නැගුණා සාධුකාර නද පැතිර ගියා දම්සක් සුතුරින් - දම් ගඟ ගැලුවා පෙර නොඇසූ දහමක් ඇසුණා// චක්ඛුං උදපාදී - ඥාණං උදපාදී පඤ්ඤා උදපාදී - විජ්ජා උදපාදී - ආලෝකෝ උදපාදී කප් සුවහස් කල් පිරූ පාරමී නිමවා නිවනෙහි මග දෙසුවා කම්පා කරමින් දෙව් බඹ ලෝ තල සාධුකාර හඬ පැතිර ගියා//