Lyrics: Sachith Fernando
Music: Sachith Fernando
Pinned by shaf_000
@Dilshan-nc3nn
2 years ago
අපි ගිය පාරේ
අද මම තනි වූනා
නුඹ දුන් හීන
හද එය බොඳ වූනා
නුඹ දුන් පොරොන්දු
හද එය වස් වුනා
අපි මැව් ලෝකයේ
අද මම තනි වුනා
මම පතන්නෙ හැමදාමත් වෙන්න ඔයාට සුභ කිරි
උතුරන්නයි ඔනී මට ගාලා ගියත් හෙන
මේ ආදර කතාව වසර දෙකකින් නිම කියා
දෙන්න මොන පෙත්තක් ද බිව්වොත් වෙන්නෙ දුක
වළාකුළින් මිදුනු හඳක් මෙන් ඔයා බැබලුණත්
දැක්ක ඒ් මුල් දවසේ ඔය නෙත් මාව ඇඹරුවා
සමනළයෙක් වෙන්න කලින් ඌ දැළඹුවා
හඳහන් ගැලපුනත් අපෙ ආදරේ නැවතුනා
ගිලිහුනු මලක් පලක් වෙන්නැ තිබ්බත් නටුවකින්
සුල්තානුත් යන්නෙ කාන්තාරෙකදි අගෙ ඔටුවගේ
අද ඊයෙ නම් අමතකයි බන් වරුවකින්
හබලක් නැති තොටියෙක් ගොඩ එන්නෑ ඔරුවකින්
කෙල්ලෙ ඔයා දුන් මතක මැකෙන මැස්සට
අමොරාවයි වැස්සත් මං ඉන්නෙ නෑ ගස් යට
ගන්න තිබ්බනං ඒ්ත් ආයෙ ආයෙ පස්සට
මං තරම් වෙලෙන්නෑ මේ ආදරේ අපෙ හිත් යට
අපි ගිය පාරේ
අද මම තනි වූනා
නුඹ දුන් හීන
හද එය බොඳ වූනා
නුඹ දුන් පොරොන්දු
හද එය වස් වුනා
අපි මැව් ලෝකයේ
අද මම තනි වුනා
ඔය රූපෙ දකිද්දි මගෙ මේ හිත පිරුණා
තත්පරෙන් දෙකෙන් මගෙ මේ හිතම කළකිරුණා
සතුට දන්නෙ යුද්ධෙ ජයගත් විරුවා
මතක තියාගන්න ලස්සන පසට විරුවා
මේ අවංක හිතකින් වැටෙන්නෙ පිරිමි කඳුළු
මං ගෙවන පව ඔබට සාප දෙද්දි අදුරු
පොකුණු වල හෙව්වට හම්බෙයිද දියකිඳුරු
සරුසාර ගොයමත් අවසානෙ වෙයි පිදුරු
ඒ් නිල්පාට ගවුමක් ඇදන් එනවිට ඔයා හැඩයිනෙ
ඇහෙන්නෙ සිතක් වේදනාවෙන් විලාප දෙන හඬයි
ඉන්නකන් දුන්නු සතුට මැරෙනකන් මදැයි
තරු පිරුනත් අහසෙ බැබළෙන්නෙ එක හදයි
මැව්වෙ නෑ ඔයා තරම් මං බොරු මාළිගා
දැනුත් ලැබෙයි නම් කරන්න දළිදාවේ තාතිකා
අම්මා කිව්ව වචනෙ සතුට උතුරා ගියා
හිනාවෙයන් පුතේ උඹයි මගේ ඉලන්දාරියා
අපි ගිය පාරේ
අද මම තනි වූනා
නුඹ දුන් හීන
හද එය බොඳ වූනා
නුඹ දුන් පොරොන්දු
හද එය වස් වුනා
අපි මැව් ලෝකයේ
අද මම තනි වුනා