Lyrics: Kaveesha Prabudana
Music: Upeka Rukshan
නොසිතූ දිනයේ තනිවූ මොහොතේ
අයිතියක් නැති මගේ රජදහනේ
ටික ටික හදවත් යා වුණ ඒ කාලේ
මිතුදමටත් රහසින් ආලේ ඇති වූයේ
අපි අපේම වූ පෙම් චාරිකාවේ
බොද වී තිබූ මේ පාලු මාවතේ
හැඩකලේ නුඹයි තාරුකාවියේ
කෙසේ අහිමි වීදෝ නුබේ සෙනෙහේ
මා නෙත් පියවෙන මොහොතක් ගානේ
මැවී මැවී පෙනේ අපේ අතීතේ
පෙරලෙන්නට පිටුවක් නැවත ආදරේ
හමුවෙමු ආයෙත් මේ භවයේ