Peralai Hema Ware

Lyrics: Dilan Weerasooriya Music: Dilan Weerasooriya පෙරලයි හැම වාරේ වී සංයෝගේ ඇනුනද කට ඇම නැති බිලි නූලේ.. කලකම් පාරේ පස්සෙන් ආවේ ඵල නැති රුකටයි උන් ගල් ගැහුවේ සරලයි වාගේ වැයුමයි වැයුවේ වින්දද තත් නැති වීණා නාදේ නොදැනිම මාලේ ගැලවෙයි රාලේ ඉනු කදුලට කව්දැයි වග කිව්වේ.. හැත්තැ වසරක් සංවර්ධන මායම් පැත්ත ගියත් දිනවපු අය කෝ දැන් පාට පාට කණ්ණාඩි දාගෙන ලොකු නාඩි කාට කියන්නද හද පාරාවී හදවත පත්ලේ ගිනි ඇවිලේවී හිටියම මත්වී දුක තුනි වේවී ඉන්දිය සයුරේ සුදිලුනු දේවී නිරුවත් කොට මහ දවල් කෙළෙසාවී මිනිහෙක් බැඳි ගැල ගොනා දක්කනා නිදහස විඳගෙන අදහස සිඳගෙන ගොනාට ඇඳගෙන හොරාට වැඳගෙන පැණි වරකෙට හෙන ගැහෙනා මොහොතක පණ කෙන්ද රැකගන්න තනියම බුදුවෙන්න දවසක හරියන්න හවසක වෙරිවෙන්න නහය ළඟට බස්තම එනකං ආ කොමිස් කුට්ටි ඔබ ගන්න බනිස් පෙට්ටි මට දෙන්න කණපිට පෙරලන හීන ටයර් සෑ මත දෝරගැලු කඳුළැලි දෑස් පියන් ඉරාගෙන කොහොම කියන්නද මේක හිත හදාගෙන පරමාධිපති බලෙ කර උඩ තියා හැම වාරෙම අපි පෝළිමෙ ගියා රට ගැන හිතු අය රටින් පැන ගියා බහුතරයට සුළු දිය පහව ගියා Verse වියැකී යන තාලේ මානව වාදේ කහවණු වලටයි අපි පෙම් කෙරුවේ විද්වත් පාරේ කරවෙන කාලේ නූගත් බලයයි තීන්දු දුන්නේ මේ රට මාගේ කිව්වට බාලේ ඇත්තට රට කාගෙද මේ කලේ ජීවන බර ඉවසනු බැරි හින්දද රට අතහැර යන්නට නුඹ හිතුවේ... සැමදෙන එක් වී දොරගුළු ඇරන් පෙරටම යමු අපි මේ රට හදන්