Lyrics: Yashodha Adhikari Music: Lahiru De Costa Verse 1 ආලෙට පද තෝරා බේරා ගළපලා ඈ ලඟ සිටි වේලාවේ මම මිමිණුවා.... දෑස් දල්වා ඇයත් උන්නා සුපෙම් පා සෙමින් ළංවීලා ආදරෙයි ඈ කීවා.. ආලෙට පද තෝරා බේරා ගළපලා ඈ ලඟ සිටි වේලාවේ මම මිමිණුවා.... බඳින් අල්ලා කොපුල් ඉම්බා සෙමින් මා.. සැනින් ගැස්සීලා නින්දකින් වෙන්වූවා.. Pre Chorus මා හීනෙන් පෙමින් මත්වීලා ඒ හීනේ මැකී යාදෙන් ප්‍රේමෙන් මිදීලා, Chorus අතදුර ඇති මල්මදිරාවේ හිස් කර රැයපුරා පළකට නැති පෙම්මදිරාවෙන් වෙන්වෙමු සැනසිලා ආලෙන් දැවීලා හඬාලා සැබෑ පෙම හොයනවා ඒ පෙම් ලැබීලා දැවීලා නිවූ තැන් හොයනවා.. Verse 2 ප්‍රේමෙක පැටලී ඒ කාලේ සැනසුනා ඈ හටම බැඳී මා දේවල් ඉවසුවා.. දෑස් දල්වා මමත් උන්නා සුසුම් පා පෙමින් අස් වීලා ඇය දිනක් වෙන්වූවා... Pre Chorus මා නෑ දැන් පෙමින් මත්වීලා ඒ හීනෙ මැකී යාදෙන් ප්‍රේමෙන් මිදීලා.. Chorus අතදුර ඇති මල්මදිරාවේ හිස් කර රැයපුරා පළකට නැති පෙම්මදිරාවෙන් වෙන්වෙමු සැනසිලා ආලෙන් දැවීලා හඬාලා සැබෑ පෙම හොයනවා ඒ පෙම් ලැබීලා දැවීලා නිවූ තැන් හොයනවා Bridge කෝල පාලා මා හා ඈ යාවි සිනිඳු තැන් පාරා.. කාල වේලා යාවී අවසානෙ වේවි පෙර සේම හඩාලා ආයෙ දැවීලා.. ආයේ දැවීලා.. ආයේ..මා.. Pre Chorus මා නෑ දැන් පෙමින් මත්වීලා ඒ හීනෙ මැකී යාදෙන් ප්‍රේමෙන් මිදීලා.. Chorus අතදුර ඇති මල්මදිරාවේ හිස් කර රැයපුරා පළකට නැති පෙම්මදිරාවෙන් වෙන්වෙමු සැනසිලා ආලෙන් දැවීලා හඬාලා සැබෑ පෙම හොයනවා ඒ පෙම් ලැබීලා දැවීලා නිවූ තැන් හොයනවා