Lyrics: Kaivindu Mathangaweera
Music: Sachitha Fernando
ඇරපන් ඇස් උබලා ඉන්නේ අඩ නින්දේ
පොඩි දුකක් නෙවෙයි ඒ කාලේ මන් වින්දේ
වැරදි විශ්වාසේ තමයි හිත් බින්දේ
ගොඩක් මිනිස්සු මට හිතින් පින් දේ
රත් වෙද්දි නහර කතා කරන්නේ හදවතින්
අද්විතීයයි වස් බහර ගැලපුවා පද පේලි
නොමැකෙන නමක් ලංකාව තුළ මවලා ඇති
චරිත අතරින් චරිතප්‍රධාන මටත් ඇති
ගලද්දි කදුලු ගසලා දැම්මා හිත් රිදෙන දේවල්
මං ආවේ මගේ පාරේ මගේ ජන්මෙත් එක්ක බේරං
සීමාවක් තිබ්බේ නෑ ආතල් දැම්මා කල්දේරම්
දැන්නං ඉන්නේ හැමදේම බේරං
චේතනය පාරිශුද්දයි ඒ නිසා ගමන කෙලින්
මගේ පාරේ හරස් උනොත් ගැලවෙන්නේ බෙලි
තාත්තාගේ ආරේ බලන්නේ කා දිහාත් කෙලින්
ආස නෑ මවන්න නැති දේවල් මං මාන්නෙකින්
අතීතේ දෙස බලද්දි නෑ පසුතැවීමක්
ඇතිවීමයි නැතිවීමයි මැද්දෙනුයි දැක්කේ මං හීනත්
විහිලුවක් උනු බලාපොරොත්තු කරා මාව ජීවත්
සින්දුවක් ඇතුලෙන් කව්ද හදන්නේ මං වගේ හිතක්
හිත ඇවිද්දා ඔහේ තනි විකාරෙන්
මගේ කාමරේ වෙලන් කලු දුමාරෙන්
විසිවෙද්දි හීන පස්සට සල්ලි වෙලා එක අතෑරියේ නෑ
ඇවිද්දා මගේ පාරේ මං උජාරුවෙන්
හිත ඇවිද්දා ඔහේ තනි විකාරෙන්
මගේ කාමරේ වෙලන් කලු දුමාරෙ