Lyrics: Vimukthi Somawansha
Music: Sri Lakmal
පිණි හිඳිනා අරුණලු හිරු සේ
සොව නිවනා සිනහව නුඹගේ
මා බැඳ මත් කලා පෙම් සිතිනා
සුව නිදි අහිමි මා පතනා
නුඹ තරු මෙන් දුරයි රෑ දිලෙනා
සඳේ ගී ඔබටයි ගැයෙනා
මිරිඟුවක දවටවා සරතැසින් මා පෙලනා
මලවි කී කාරණා සඟවලා පා කලා පවනා
ගොළු වී සිටිම් සැමදා
සුනු වූ සුයාමේ මා
මා බැඳ මත් කලා පෙම් සිතිනා
සුව නිදි අහිමි මා පතනා
නුඹ තරු මෙන් දුරයි රෑ දිලෙනා
සඳේ ගී ඔබටයි ගැයෙනා