Lyrics: Pussewala Hewage Channuka Devnindu/Nuwan Jeewaka Weerasinghe
Music: Pussewala Hewage Channuka Devnindu
නුඹ මාගේ කියා
අපි අපගේ කියා
නැති වූවා නුඹ කී පෙම් කතා
මං වැරදී තමා
හිතුනා දෝ එදා
දැනුනාදෝ රිදවූවා කියා
ඔබ ලං වෙන්න වෙන්න එන්න එන්න මා හිතින් වෙන්වුනා
මං ආදරෙන් කීව කල හෑම දේම ඔබ දැක්කෙ නෑ එදා
මන්දාරම් හැන්දෑවෙ ඔබ හා
ඔය තුරුලේ සුව වින්දා මෙමා
අපි දෑතින් අල්ලන් ලං වෙලා
මැවු හීනේ අද මා තනිවෙලා
නුඹ මාගේ වෙලා
මල් සුවදේ පුරා
තනිවූවා පෙම් යහනේ එදා
අද නෑ එ හිනා
ඔහු ගාවින් වෙලා
රැවටූවා ප්‍රේමෙන් මා එදා
ඔබ ලං වෙන්න වෙන්න එන්න එන්න මා හිතින් වෙන්වුනා
මං ආදරෙන් කීව කල හෑම දේම ඔබ දැක්කෙ නෑ එදා
මන්දාරම් හැන්දෑවෙ ඔබ හා
ඔය තුරුලේ සුව වින්දා මෙමා
අපි දෑතින් අල්ලන් ලං වෙලා
මැවු හීනේ අද මා තනිවෙලා
දෑස කදුලින් පිරී ඉතිරී ගියාම
මගේ හිත පාරනා මෙ වේදනාව
ගතින් දුර ඈත ඈත ඈ ගියාට
දන්නේ නැතුවාද ආදරෙයි නෙ තාම
නුඹ මාගේ කියා
අපි අපගේ කියා
නැති වූවා නුඹ කී පෙම් කතා