Lyrics: Kevin Perera
Music: Kevin Perera
ආ
නිමාවදෝ දෙකොපුල් තෙමුවෙ කඳුල හා බැඳිලා
සිනාවදෝ නිහඬව හැඬුවේ සුසුම හා බැඳිලා
නොහැඟුනාදෝ මගෙ සෙනෙහේ නුඹගෙ මයි කියලා
නොපෙනුනාදෝ මගෙ සිහිනේ නුඹ තමයි කියලා
නිමාවදෝ දෙකොපුල් තෙමුවෙ කඳුල හා බැඳිලා
කිමද සෙනෙහේ අකුරු අතරෙ විඩාපත් වූ හසරැලී
නිහඬ තනුවේ අමුතු ස්වරයක් විරහ ගීයක් වන්නැතී
මගේ කියා සිතූ ඔයා මගේ නොවූ හීනයක් වුණා
නොකී කතා බොහෝ තියා සෙනේම ඈතින් මැකී ගියා
නිමාවදෝ කුලුඳුල් සෙනෙහේ නුඹ මගෙයි කියනා
සිනාවදෝ නටඹුන් වූයේ හදවතේ පිපෙනා
නොහැඟුනාදෝ මගෙ සෙනෙහේ නුඹගෙ මයි කියලා
නොපෙනුනාදෝ මගෙ සිහිනේ නුඹ තමයි කියලා
සිනාවදෝ නිහඬව හැඬුවේ සුසුම හා බැඳිලා