Radical Wirahawa

Lyrics: Pasandi Samarasinghe Music: Ashan Nadeesh හිත රිදෙන තරම් ඔබ දන්නවනම් නෙත කඳුළු අරන් ඔබ එන්නෙම නෑ සඳ අයිති වුණත් පිනි සීත මැදින් දුක් විඳින තරම් ඔබ දන්නෙම නෑ රෑ අහස මැදින් තරු පෑයූවත් හිත අමාවකට පෙම් බඳින තරම් ඝන අඳුර නිවන් සඳ එළිය අරන් නුඹ පායන බව රැය දන්නෙම නෑ ලඟ හිඳින තරම් ඇස් මානෙ ඉඳන් නුඹ දුන්නු හීන මන් විඳින තරම් හෙට එළි වෙනකන් නෙතු කඳුළු දරන් මන් හිනැහෙන බව නුඹ දන්නෙම නෑ