Lyrics: Sampath Fernandopulle Music: Dulip Mirando හාදු වර්ශාවේ තෙමෙන්නම් සීත හැන්දෑවේ මදු හීන රහසේ මැවීලා දෑස උන්මාදෙන් වහන්නේ මාව ආශාවෙන් සියොලඟම පහසේ තියාලා
මදුවිතකි උනුහුම් සරාගේ තොල ගා හැඟුම් යාවුනා ඔබ ගාව මා නිවෙනවා
අභිනාරි ඇවිලෙන්නේ යහනාවේ ඔය රූපේ ගිනිලන්නේ හැඟුමන් දවාලා ඔය වාගේ කවුරුත්ම නැහැ මාගේ හදමානේ අනුරාගේ සිතුමන් මවාලා
හංස ලීලාවේ ඉඟසුඟ පාන මායාවේ නළඟනකි ඔබෙ රූ නුරාවේ පංච කල්‍යානේ රස තැන් දේහයේ ඈගේ රස කරමි මදිරා හැලෙන්නේ
මදුවිතකි උනුහුම් සරාගේ තොල ගා හැඟුම් යාවුනා ඔබ ගාව මා නිවෙනවා
අභිනාරි ඇවිලෙන්නේ යහනාවේ ඔය රූපේ ගිනිලන්නේ හැඟුමන් දවාලා ඔය වාගේ කවුරුත්ම නැහැ මාගේ හදමානේ අනුරාගේ සිතුමන් මවාලා