Lyrics: Thiyunu Karunarathna
Music: Jaliya Sasanka
Intro story
ජීවිතය සමහර තැන්වලදී අපිට අපිවම මගහැරෙනවා .
ඒ මගහැරුණු අපි , පරණ මතක ඇති පාරවල් දිගේ ඇවිදං යනකොට ,
ඒ සිද්ධි දාමයන් අපිවම රිද්දනවා .
එකපාරටම කොහෙන්දෝ ආපු perfume සුවඳක් පරණ මතක අවුස්සනවා වගේ ,
මේ හුළඟත් මාව ජීවත් කරවනවා .
ඉතින් වැහිලිහිණි , මං ඔයාටත් කියන්නේ මැරෙන්න කලින් තත්පරයක් හරි ඔයාම වෙන්න .
Song
වැහිලිහිනියේ නුඹ කොතැනදෝ දුර පෙනෙන වළාවක සැඟවුණේ
මට දුන් සෙනේ අද ඔහුටදෝ යළි යළි මතකෙට නුඹ සිහි වුණේ
වැහිලිහිනියේ අපි කවුරුදෝ අපි ඇවිදපු මාවත විමසුවේ
මම අද මෙසේ තනිවම ගැයූ කවියකි නුඹ ගැන හඬමින් මෙසේ .
Background vocals
(වැහිලිහිණියේ නුඹගේ ගෙත්තම්
සිහිකරන් මං මවයි සිත්තම්
සැළලිහිණියේ දෑස නිල්වන්
ඉඟිකරන් තාරුකා දල්වන් )