Lyrics: Akash Nimsara
Music: Dineth Pamuditha
Verse (Shevon X)
දෑස් දිහා බලා හැරී යන විට හඩවන්
ලස්සනට පෑයූ පුර හදත් අද අඩවන්
පෙම අපේ පටන්ගන්න කලකින් වාර අවසන්
ගලක් නෙවේ හිතක් මදිනම් හිත පාරවන්
අත ගෙන දුර යන්න මම සැරසෙද්දී
කොහොමද දරා ගන්නේ නුබ වෙනස් වෙද්දී
දැනුනද දුක දෙනෙතින් කදුළු වැටෙද්දී
අන්සතු පෙමක් නුබව වෙන කෙනෙක් ඉද්දි
විස්වාස කම මුල උනේ හිතේ උඩින්
වෙන් වීම සලකුණ තැබූ පෑන් තුඩින්
අපේ මතකයන් රෑ ඇන්න පිහි තුඩින්
ඉවසන්න බෑ තව දැනෙන දුක ඉතින්
සුරංගනාවියක් සේ රූපෙ හිතේ මැව්ව
අමනාප නැහැ අත මග හැර දැම්ම
හෝරා ගණන් නෙවේ වසර ගණන් වෙදෙව්ව
බොරුවින් නුබ මටම ආදරය මැව්ව
Hook (Himesha Madhushani)
පාවී පාවී ආවාදෝ මා සොයා ...
ඔය දෑතීන් පටලන් යන්නයී පැතුවේ ...
යාවී මාගේන් ඈතට නොකියා මෙදා ...
ආයේ ආයේ අපි අපේමයී කියා ...
Verse (ANS)
හිමි උනේ නැතත් මේ ආදර සොදුරු
කියා ගන්න ලොකු දෙයක් හිත ඇතුලේ ඉතුරු
නොසිතු වෙලාවක නුබ මගින් හැරුණු
අහම්බෙන් හාමුවූ ඒ දෑස් මග හැරුණු
ලස්සන ලස්සන ඕන තරම් රූප දැක්කා
නුබව මගෙ කියා මං පණවගේ රැක්කා
වැටෙන වැටෙන කදුළු නුබ නොදැක්කා
පිපෙන මලුත් පරවෙන බව මං දැක්කා
දකින්නත් ආසයි කළු වලා පිරි අහසයි
හැර යන්න නෙවෙයි හෙව්වේ ආදරයේ පහසයි
අමතක නොවන දවසක් ඒ හවසයි
අකමැත්ත නුබේ මට එදා පවසයි
කල් ගෙවන්න මට ලං උනෙන්ද
අමනාප නැහැ මා කෙරෙන් වෙන් වුනෙන්ද
හිතින් දුක් උනෙන්ද දුටුවේ දෑස් දෙකන්ද
කාරණාවක් නැහැ අදටත් ඈත් උනෙන්ද