Mage Lokaya

Lyrics: Rumesh Ayanka Music: Krishan Abeykoon Verse 1
මට දෙන්න ජීවේ රැක්කා දස මසක් කුස දරන්.. වේදනා දරා කැපවුනා රෑ නොබලා නිදිවරන්.. ජීවිතේ මිනි පහනක් අම්මා යාවි දැං ආලෝකේ ගලන්.. මතකයි ඔවදන් වලින් පිරෙව්වා මගෙ දෙසවන්..
මං කරද්දි වැරදි දැක්කා නුඹේ දෑසේ කදුලු.. මට භාවනාවක් අම්මේ නුඹෙ ලයෙ වෙද්දි තුරුලු.. මාව කරා පුහුණු බිදින්න ජීවිතේ ඇති කඩුලු.. නුඹ රැජිණයි මගේ ලෝකේ නොපැලදුවත් ඔටුණු..
නැහැ නිමක් මහ මෙරකට සෙනෙහස සමයි.. ආදරෙ මහිමෙ පෙන්නා කිරකට හැරුනෙ ලෙයයි.. නොවෙනස්ව පවතින එකම බැදීම මවයි.. නෑ මවට උපමා සංසාරේ පුරා නුඹ ලගයි..
ගත්තා හරි මඟට හොයද්දි මං විනාසේ.. අපේ දියුණුව දැක බලා ඇය සතුටින් සිනාසේ.. දැක්කම කණගාටුයි අම්මලා මහළු නිවාසේ.. මගේ අම්මා ලග ඉන්නකන් මං වෙන්නෙ නැ පරාජේ..
Verse 2 පීතු පාදන් නමාමි මං පටන් ගන්නම් ගීය.. අපි නිසා රෑ දිවා නොබලා කැපවීය.. දුන්නක් වී පෙරට යැව්වා මං වෙද්දි දැං හීය. පිය සෙනෙහස කාටත් දෙවෙනි නොවීය..
වෙන්න උපදින හැම භවෙ මගෙම පියාම.. ඔබ වින්දා දුක රහසෙ කාටත්ම නොකියාම.. කරේ ආදරේටයි තරවටු තරහ ගියාම . වැටෙද්දි නැගිටින්න පුරුදු කරා මාව..
බුදු වෙන්නයි පතන්නෙ මං සසරෙ දිනක මතු.. කාට නැතත් නුබගේ කීමට මම වේවි නතු..
දෑත් රිදුණත් නෑ බිමින් තිබ්බෙ හිටියා වඩාගෙන.. දැක්කා හිනා වුණු හැටි වේදනා දරාගෙන.. කැපවුණෙ අපි නිසයි දහඩියත් පෙරාගෙන.. අපෙ බඩ ගින්දර නිව්වා කුසගින්න සගවාගෙන
පෙර වගේ දැවටෙන්න බැරි උණත් තුරුලේ . ආදරෙ කවදත් වෙනසක් වෙන්නැ හිත ඇතුලේ.. තාමත් මතකයි මට කල සෙල්ලම් ගේ මිදුලේ.. පියා තමයි විරු ප්‍රශ්න ලගදිනම් නොසැලෙ..
පිටට නොපෙන්නු මහ මෙරක සෙනෙහෙ හිතේ.. වැරදි නොකර හරි මගම පලයන් පුතේ..