Lyrics: Kaveesha Prabudana Music: Subodha Madushanka/Kaveesha Prabudana ත්‍රෙයි ලෝ පත් මත ආදරේ තිබුණේ නැහැ රස්තා කොල්ලෝ අතරේ මිතුදම බිදුණේ නැහැ අදත් හෙටත් අප ලෝකය දකින්නේ නැහැ කවදාවත් අප ජීවය විදින්නේ නැහැ
සීයයක් සිතුවිලි හදතුළ ඉපදී මියයන්නේ නෙත තුළ ඇතිවුණ සිතුවම් ඉන්ද්‍රිය පිනවන්නේ සිතහාගනු බැරි ඇයි අප සතය නොදකින්නේ රස්තා අපට කාලය දෝෂය ලස්සන වන්නේ
රජකුමරියන්ගේ ආලේ කිසිදා නැත රස්තා කොල්ලට පුංචි කොළේ ආලේ හැමදා ඇත රස්තා කොල්ලට වෙලාවට කලාවට තාලෙට මනුදම් පාරට හැමදාටම සුරලොව දෙවියොත් පදිරි හැමදාමටම රස්තා කොල්ලට
මනෝපාරේ අපි ජීවත් වේ නම් කොල්ලෝ අපේ මේ ජිවය හරි අවදානම් ‍රස්තා කොල්ලෝ මේ ගැන පොඩ්ඩක් සිතුවානම් ඔබ පිළිගන්නට සමාජේ හැමවිට සූදානම්