Mathaka Siduru

Lyrics: Mihiruk Abeyrathne/Dilshika chamod Music: Akila Hegoda ඉස්සර හිනාවෙන් හුරු මුවට දැන් හුරු කදුලු තාමත් හොයන්නෙ ඒ කතාවෙ මං මතක සිදුරු අද තනියට මගෙ ලග මමමයි ඉතුරු හෙව්වට හම්බෙන්නෑ ඉදිකට්ටක් ගොඩක පිදුරු
පිලිස්සුනු තුවාලෙක කැලැල් මැකෙන්නැ බන් කවදාවත් මගෙ හිත මටත් හොරෙන් විදවයි හැමදාමත් එකදවසකවත් නැ හිත රවටාවත් මේ ජිවිතේම විසදන්න බැරි ප්‍රේලිකාවක්
මං අන්දකාරෙ තනියම විදවද්දි නුඹෙරුව මට මැවුනා මෙ කතවෙ වැරදිකාරයා නුඹද මමද විටෙක සිතුනා යලි නොයෙන ලෙසම තරුවක් විලස නුඹ මගෙ හදෙ දිලුනා මකාගන්න බැරි මතකයන් සිහිවෙද්දි දෙනෙතින් කදුලක් වැටුණා
විරහවයි උරුම දැන් දෙතැනක තනිවී කියන්නෙ කදුලෙන් දෙනෙත් ආදරයෙන් තෙත්වී බිදී ගිය හිතක් හදන්න කාටවත් බැරි වී ඇයි නොහැකි ඉන්නඑක කැදැල්ලකින් සැනසී
සිතුවිල්ලත් අද අන්දකාරෙ මුහුදේ ගිලි රැවටිල්ලක් කරෙ ඇයි මෙ හිතට ආලෙ පිරි පැමිනිල්ලක් වෙලා ජීවිතෙ විසදන්න බැරි සමුගන්නත් අවසරයි දැන් හුගක් කාලෙ ගෙවී....
සංසාර ගනන් පතාන ආවේ නෑ මෙ ආදරෙ හංතාන කන්ද තරණය වගේ නෑ සාගරේ මංතාම බලන් හිදින්නෙ ආ ගිය තැන් මාවතේ ප්‍රේමයෙන් ගුස ගින්දර වැඩි වෙලා දැන් හාමතේ
රංගනය කරා එක තමයි අපූරුම කතාවෙ මුලදි වගෙ නෙවෙයි අවසානය හිතින් මන් ලන් වුනෙ ගතින් හෙව්ව නැ කාමය හැම ආදර කතාවකට හිමි නැ සාමය
ටික කාලයක් උනත් හදින් මන් බැදුනා වචනයත් පවා නුඹෙ තදින්ම දැනුනා ලැබෙන්නෙ ඉඩ කොයි වෙලේ ලගින්ම රැදුනා දකින්න දකින්න මේ හිත පිරි මැදුනා
නියගයන් හැමදාම නෑ කාල වස්සාන වැටුනා වලට නොදැනිම පය ලිස්සාම වෙලා මං පිස්සාම ඒ සුවද පස්සේම සේපාපිකා මලක් මටත් පූදියි හිරුත් බැස්සාම
වෙනතක ගියෙ පියාඹන්න අවසර දුන්න නිසයි හැමතැන මට බැන බැන නුඹ ගියා නේද උඹෙ යෙහෙලියන් එක්ක තැන තැන මම දන්නවා මගෙ අතිනුත් උනා බන් දේවල් ගොඩක් වැරදුන කර්මය ආපස්සට පලදේවි විදවන්න වෙයි තනිවම....