Lyrics: Dayan Aravinda
Music: Dayan Aravinda
මගෙ හිතට ලං වෙලා.. පවසන්න මුමුනලා.. ආදරේ දෙන්නෙ මටමයි කියා..
මා හිතේ හිර කරන්.. ඉන්න කල්පයක් තරම්.. පාලු නෑ හිරවෙලා ඉන්න නුඹ ලඟින්..
නුඹෙ තුරුලේ මගෙ හිස තියන්.. හද ගැස්මට කන් තියන්.. ඇස් පියාන ඉන්නම් නුඹ මගේනම්..
දෙතොල් නලලතට ලං කරන්.. හිස පිරිමැද නුඹ දෙස බලන්.. පවසන්නම් සඳේ ආදරේ තරම්..
නුඹෙ උකුලේ මගෙ හිස තියන්.. දඟ කරනා නෙත් දෙස බලන්.. නෙත් නොහෙලාම ඉන්නම් නුඹ මගේම නම්..
මුව දෙතොලතට ලං කරන්.. පපුව පිරිමැද නුඹ දෙස බලන්.. පවසන්නම් සඳේ ආදරේ තරම්..