Lyrics: Theekshana Sri Wijesinghe
Music: Tharuka Gunarathne
ඉඩකට නැද්ද අවාරේ..
කෝලම් කරා කියා මටත් රවා ඇවිස්සිලා
ඇයි කළු කරන් මූණ අහක බලන්නේ
පන්නන් යාවි කියා
වන්නම් දහ අටම නටා
කට වක්කඩක් කරන් ඇයි දගලන්නේ...
දුම්මල ගත්ත වගේ
බැලුවට රවල අනේ
ඔය කෝලම් මම නෑ සතේට ගන්නේ..
පුප්පා අහක බලා පස්සෙ හොරෙන් ඇවිස්සිලා
උස්සපු ගනන් පස්සෙ හුළං බහින්නේ
දැන්නම් සිරික්කලේ
ඇස් නටනව දාංගලේ
කාවද රවට්ටලා හොරෙන් බලන්නේ
බාරී ගෙදර මගේ
මට බහ එපා අනේ
වාරේ නෙවෙයි නගේ මේක අවාරේ..