Lyrics: Buddhi Sandeepa
Music: Dhyan Hewage
නොදැනී බලා දිවි මාවතේ
සෙවනැල්ල වූ …...රජුනි මගේ
නොකියා කියූ මට ආදරේ
තනිකම් මැකූ...... නිරිදුන් මගේ
අහසක රැයේ සොයනා ඉමේ
නුබ ඉන්නවා .....දැනුනා වගේ
දවසක රැදී පෙරදා වගේ
මම දන්නවා....මගේ ආදරේ
නොහිතූ ගමන් ගිය තප්පරේ
නුබ කල්පයක් වූ ප්රාණයේ...........
තාත්තේ මගේ මම ආදරේ ........
අදටත් වරම් ලැබුණොත් මිදී
හඩනා තරම් ලොවටත් නොකී
වැරදුනු බවත් හැරිලා යලි
දුටුදා නුබත් මිදිලා මැකී..
තාත්තේ මගේ මම ආදරේ