Mandodari

Lyrics: Methiw Dishan Music: Vihanga Vinod Verse 1 | Shevon X පණ වාගේ ඔයා හිතට මගේ දැණුනූ සුසුමක් වගේ මට නොමැතිව බැරිවූ මොහොතක් ගානේ නුඹවම මම පතපූ ඔයා තරම් දැනුන කෙනෙක් නෑ හමුවූ දෑස් වලින් පෑව නුඹේ අහංකාර ගති කරා මාව පිස්සෙක් එක බැල්මෙන් වශී කියාගන්න බැරි දෙයක් හිතේ මගේ රැදී ඔයයි මට හමූවූ හොදම කෙනා ලැදී හිත මගේ ගත්තූ සතුට ගෙන දුන්නූ රිදුනූ හිත සැනසූ සිහිනෙනුත් මැවුනූ මේ හැගීම නිසා ජීවත්වෙනවා වගේ දැනුනූ ඔයයි මාව තේරුම් ගත්ත කෙනා මම පතපූ සැනසීමක් හිතට යලිත් ගෙන දුන්නූ පුදුමයක් නුඹත් අහම්බෙකින් හමුවූ අපි දෙතැනක් උනත් එක සිතින් බැදුනූ භාවනාවක් ඔයත් මගේ හිතම සැනසූ දැක සුරගනුත් පරදී ඒ මුහුණේ හිනාව ගැස්සුනා හිත දැක්ක දවසේ ඔයාව දෑස්පිය නොහෙලා බලන් ලග ඉන්න පතමි මතුවෙත් නුඹ මගේම වෙන්න පණට වගේ මම ආදරේ කරන්නම් හුස්ම තියන තාක් නුඹේම වෙන්නම් අතැගිලි පටලා මුදුව පලදන්නම් සංසාරේ පුරා ඔය රුවම පතන්නම් Verse 2 by Mac D එක වරක් නොදැක දැනුනා මට ඔයාව ලග නැතත් නුඹව හැගුමක් උනා හිතට මෙයයි අපේ දෛවේ උනත් ගතින් දුරක සංසාරයි බැදීම මතුත් ඔයයි මට උරුම ආදරෙ දැනේවී තදින් ඇතත් අපි දෙතැන විශ්වාසකරා නුඹ දෑස්වලින් නොදැක මන්දෝදරී නුඹයි මගේ ජීවිතේම රැදුන එකම කෙනා සසරේ හිතට මගේ දැනුන ගැහෙන හදත් නවති නුඹේ හඩට පවා ලග තනිවෙන්න හිමියි නුඹ සසරේ පුරා මේ මැරුණූ පපුවේ හැම හුස්මට පවා එක වචනෙන් යලි පණ දුන්නේ ඔයා හිත නිවෙන තරම්ම වශීවුනා ඔය හඩට මග බලන් ඉන්නේ ඔයාව දෑසීන් දකින්න දෑතින්වත් නොඇල්ලූ පෙම තදින්ම දැනුන ඔයයි මගේ හුස්ම පපුවටම වැදුන ඈ දෙව්ලියක් තව්තිසා සුරලොවින් පැමිණී ආදරේ ලගදි යලි සැනසීමක් ලැබුණී මේ අහම්බයක් උනු පෙම නොදැනිම ලංවී නුඹේ වචනයක් පවා හද ගැස්මට දැනුණී