Lyrics: Umera Pathirana
Music: Umera Pathirana
සැඟවී වනේ පිපිලා උදේ - අවිහිංසකම රහසක් කියා
විඳි වේදනා දෙනෙතින් මුදා - මගෙ ජීවිතේ අලුතෙන් ලියා
හැඟුමන් පවා හිත කිති කවා - සිටියා බලා නුඹෙ නෙත් දිහා
පෙරුමන් පුරා හමු වූ මලේ - හද සනසනා සුවඳයි ඔයා
දෑසින් ලියූ කවි පද පුරා
බැඳි ආදරේ තේරුණා
ඈතින් ඉඳන් සිහිනෙන් පවා
නුඹෙ ලෝකයේ තනි වුණා
හැඟුමන් පවා හිත කිති කවා - සිටියා බලා නුඹෙ නෙත් දිහා
පෙරුමන් පුරා හමු වූ මලේ - හද සනසනා සුවඳයි ඔයා
නොගෙවී රැඳී කෝකිල සමේ
නුඹ එනතුරා සිටියා බලා
ඔය නිල් නුවන් මගෙමයි කියා
මට ඉඟි කළා නුඹෙ නෙත් පවා
පෙරුමන් පුරා හමු වූ මලේ - හද සනසනා සුවඳයි ඔයා
වනපස මලේ මම දන්නවා - නුඹෙ ආදරේ කාටද කියා
නුඹෙ ආදරේ කාටද කියා
නුඹෙ ආදරේ කාටද කියා
නුඹෙ ආදරේ..