Lyrics: Sahan Nimesha
Music: Shenal Maddumage
අපි තාමත් එතනමයි
මතකය අද මා පෙලයි
දුර නෑ ඒ ගිහින්
අමතක නෑ සිනහව
මතකය පාරයි ඒ දිවියේ
කුරිරුයි දයිවය මේ බවයේ
ඔබමයි ගිනිගත් මැදියමේ දවනා..
.....................
වෙන්න දුකක් අද මෝස්තරේ
උබ දැම්ම කල්ලි මැද සූත්තරේ
පිය විප්පයෝග අපෙ කේන්දරේ
අපි රේල් පාර උඩ කාන්සියේ
දිග උඩ රට යන මහ මැනිකෙලා
ඔබේ අම්මගේ හීනය හැඩිකලා
අද සුදු ඇදගෙන බිම රෝල් වෙලා
තොගෙ පන ඉල්ලනවා ඒත් එයා
පිච්චුන හදවත් වාසි ගොඩක් මැද
හිස්වුනාට සිනහව අද මතකෙට
යන්න ගියත් අපි වෙන සංචාරෙක
තනි වුනාද දන්නවාද කාන්තාරෙක
අපි තාමත් එතනමයි....
තව අපි සෙට්වෙලා ගැහුවෙනෑ කසිප්පූ
උබ ට්‍රයිකලේ නගින්න පෙල තරප්පු
සෝබන නෑ දැම්මේ පොල් ගහ සෙරෙප්පු
අද උබ තුරුලේ ඇත දේව පුත්තු
ගැහුවට ඇග පුරා ටැටූ වලලු
උබ දන්නව හිත්වල ශෝක කදුලු
වචනෙන් පවාහිත්වල සතුට පෙරලු
අපි ඒකයි ආදරේ තාම යාලු
ආයෙත් නාවත් කමක් නෑ මනුස්ස ලෝකෙට
මිනිස්සු ආදරෙ පිට ආටෝපෙට
පෙරැත්ත නොකරපු පව් සංසාරෙට
ඔහොම්ම පලයං උබෙ නිර්වානෙට
අපි තාමත් එතනමයි....