Lyrics: Prasanna Kumara Dammalage
Music: Hashan Thilina
පූජාවක් ආදරේ මා සිතනා පරිදී
කවදාවත් නෑ සිතේ කිසි වෙනසක් ඉපදී
ඔබ වෙන්වී යන්න ගියත් කියාපු සේ නොරැඳී
ඔය රූ නම් නොමැකේවී සදා මගේ සිතැඳී
දොසක් මා නොකියමී
වැරැද්දක් නොපතමී
ආදරේ කල හිතින් වෛර මා නොකරමී
තේරුම් ගද්දි දෙන්නට දෙන්නා
කාලෙ හුඟක් ගෙවිලා
ගැලපුම් නොගැලපුම් සොයලා
තනියෙන් තීරනේ කරලා
නොගිහින් උන්න නම්
තව ටිකක් ඉවසලා
පණ තියෙනා තුරුම මං
ඔබ ළගින් ඉන්නවා
මොහොතක් ගානෙ සිහියට නැගිලා
උන්නෙ මගේ කියලා
අදටත් දෑස මේ තෙමෙනා
මතකෙන් යන්න බෑ මිදිලා
නොගිහින් උන්න නම්
තව ටිකක් ඉවසලා
පණ තියෙනා තුරුම මං
ඔබ ළගින් ඉන්නවා