Sithuwili

Lyrics: Mil Row/Chathura Jayasankha Music: Chathura Jayasankha වේදනාව ළඟ යාවී හිත වියැකී.. අතීතය දිහා බැලුවා මඟින් නැවතී.. සිනාසුණා මං දුක හංගන් දැං.. ඉස්සර හිටි එකා නෙවෙයි වෙනස් වුණා දැං මං..
සතුටු පරිච්ඡේද නැහැ කතාවේ ලියවී දෙනෙතෙ රැදුණෙ කදුලයි.. මං ආසාවෙන් දැකපු හීන කාසි ළඟ එක පෙළටම බොඳවෙයි.. දැං වින්ද දේවල් වලින් ගත්තා අත්දැකීම ඈත් වුණා සමාජේ විසමයි.. උඩින් හොඳ මූණ පෙන්නං යටින් කෙළවන මනුසත් ගති පුදුමයි..
මගේ මාවතේ තනියෙන් නොලැබීම මැදින් ගොඩක් දුර දැං ඇවිද්දා.. ලද දේකින් මං සතුටු වුණා හැමදාමත් වේදනාව හිතින් හංඟා.. බොරු සෙනෙහස පෑ ගොඩක් අය කෙටි කලකදි හිත බින්දා.. දුප්පත්කම නිසා තනිවුණු වාර බොහොමයි ජීවිතේ වින්දෙම නින්දා..
මවයි පියයි පමණකි හිටියේ කවදත් වැරදුණු පැරදුණු තැනකදි.. සදාකල්ම ළඟ රැදෙන්නම් කියපු අය ගියා හැරදාලා දුකකදි.. අවස්ථාව මත කවුරුත් වෙනස් වෙන බව තේරුම් කලා මට කෙටි කලකදි.. වෙහෙසිලා ඵලක් වෙන්නෙ නැ කොහොමත් දිය පොදක් සොයා මරු කතරෙදි..
කව්ද දන්නෙ මගේ ගැන මට වඩා එපා කාගෙවත්ම බොරු පැසසීම.. අහිමිව ගිලිහුණු දේවල් හට හිත පෙළඹෙන්නෑ ආයේ තැකීම.. සැනසීම හිමි වේවි දිනකදි ප්‍රගුණ කලොතින් ඉවසීම.. නොපමාව කැප වුණේ හීනෙට මං හිතෙ කොණක නැ කලකිරීම..
අතෙ දුරින් තියා ගන්න ඕන ඈයෝ උස්සලා ගත්තා මම කරට.. දැං කොණකට වේවි සමාජේ හැමෝම ගරහන්නෙ දුප්පත්කමට.. මතක අස්සෙ මං සුන්දර ලෝකයක් මැව්වා නිදි නැති රැයක.. මගෙම තීරණ වල මං වැනසුණා කවදාවත් හිමි නෑ සතුට..
ලිව්ව කතාවක තිබ්බ අරුතකි මගේ ජීවිතෙ දුක්බර අකුරින් බැදීම් වලින් දුරස් වෙලා වේදනා නැතිව අද මන් ඉදින්නෙ සතුටින් වැරදුනු තැන මම ඉගෙන ගනිමින් පටන් ගත්තා ඒ දේ අලුතින් සතුටෙදි දුකේදි හිටපු උන්ට ආදරෙයි මේ හද පතුලින්
සදාකල්ම ලග රැදි තනිය මැකුවෙ ටික දෙනෙකුයි මේ සමාජෙ දැක්ක දේවල් මනසින් මන් දැක්ක නම් අද මන් වැරදෙන්නෙ නෑ මෙ වතාවෙ දන්න නොදන්න කරුනු බොහොමයක් තියේ අපි නොදන්න මේ කතාවෙ මනුසත් ගති තියේ අපේ ලග දැවටෙන තිරිසන් සතාගේ
පැරදුනු තැනක් ගත්තා මම පාඩමක් ජිවිතේ දිනන්න.. බැදීම් වලින් ඈත් වෙලා හොයාගත්තා පාරක් ජිවිතේ සතුටින් ගෙවන්න.. තැලුනු යකඩෙ තැලුව කෙනයි දුක දන්නෙ ඒක තලන්න. මන් සතුටින් ඉන්න හේතුවක් අදටත් සංගීතෙන් ජිවීතෙ දිනන්න