Kusthura - Wahilihini 2

Lyrics: Thiyunu Karunarathne Music: Jaliya Sasanka Intro Story
සමහර දවස් තිබුණා මුළු අහසම මේ වගේ අළු පාටට හැරුණු. ඒ වෙලාවට මං ඒ අහස දිහා බලාගෙන කල්පනා කරනවා , මට මාවම අමතක වෙනකම් . මේ සිල්පර කොට උඩින් කෝච්චිය ඇදිලා යනකොට ඒ ඝෝෂාව මනසේ අමුතු රූප මවනවා . ඉතින් වැහිලිහිනි අපේ අතීතය මතකයකට පමණක්ම සීමා කරමු . මේ වචන ඔයාට .
Song මල් පෙති සොයා සමනල්ලු නෑ යලි ආවේ ඇය නෑ කියා හන්තාන පාළුයි වාගේ
පියමං කළා ඈතට මාගෙන් මිදී ඈ දුරකට සටහන් කළා පිනි මත නුඹගේ සිනා වැහි ලිහිණිය මා
Rap යථාර්ථය සිහිනයක්ය කරුමෙක සදාර්ථය නුඹගේ ඇසිපිය විනිවිද තුහින වැටි දැවටිය පීලි මත ක්ෂණයකින් අනෝරාව හිස මත පතිතව ඉරි තැලුණු පොළොවකට සැනසුමක් වැනි කාල වර්ණ මේඝයක් ජීවිතේ කඩතොලු හීනෙක රූප රාමු වද දෙයි රෑ හද තුල
සිල්පර කොටන් උඩ පිනි කැට වැහි ආශ්වාස ආග්‍රහණ කළු දුම කුස්තුර හිඩැස් මත පෙඳ පාසී වැවී ප්‍රශ්වාස පරාජයකි හද තුල විස්තර ගොන්නක් මදි මට නුඹ ගැන සාංකාව සාදයකි මල් සුවඳට තත්පර හයක් ඇති හිත කියවන්න ආත්මීය නාමයකි වැහිලිහිණිය
Background vocals
(වැහිලිහිණියේ නුඹගේ ගෙත්තම් සිහිකරන් මං මවයි සිත්තම් සැළලිහිණියේ දෑස නිල්වන් ඉඟිකරන් තාරුකා දල්වන් )