Lyrics: Uma Aseni Music: Pasan Liyanage කඳුළු හා එතී සුසුම් පාවෙතී සිහින ඉහිරුණු එක්ටැම් ගේ පුරා පෙමක් ඉකිබිඳී හිතින් ලතවෙවී සොඳුරු උරුමය නිහඬව කුස දරා
නුඹේ වගක් පවසන්න බැරී සොඳුරු රුවැති නුඹ මටයි හිමි පෙමක් වසන් කල හැකිද සකී ලොවට පෙමට බැමි බඳිනු බැරී
කිරුළ අපේ පෙම් රජ දහනේ හිමියනි මා තුරුළට ආවේ මල් පාවඩ අතුරා නෑ මාවතේ පය පරිස්සමින් මේ දිවිගමනේ
වැටෙන හුස්ම සේ රකින් පුතු මගේ ගමන කෙලවර දුටුවොත් හෙට මගේ කැකුළු මල අපේ අරන් යනු මැනේ නපුර නොපෙනෙන තැනකට හිමියනේ
මංගල තැලි පට සේල නැතී දිළිඳු පෙමකි ලොව කියනු ඇතී ඒ පෙමින් උපන් මිණි කිරුළ සරී මල් කැකුලට නු⁣ඹෙ සුවඳමයි හිමී