Lyrics: Adeesha Induwara
Music: Shenal Induwara
Hello Babe! මාව ඇහෙනවද?
මං ලියන දේවල් ඔයාට දැනෙනවද?
ගිය තැන ඉදන් තාමත් තැවෙනවද?
කියන්න දැන්, නැත්නම් අපේ මතකයන් මැරෙනවද?
මං කිව්ව දේවල් හරි, දැන්වත් හැගෙනවද?
මගෙ හිදැස් උගේ "ඇස්" දෙකෙන් වැහෙනවද?
අතීතෙ ආයෙත් දෑස් මානේ මැවෙනවද?
මං සිනාසුනා දෙස බලන් "මැරෙන හද"
කෙල්ලේ!! ගෙව්වා දුර ගව් ගානක් ගින්නෙන්
එදා මම නෙමෙයි අද මෙතන දැන් ඉන්නේ
"වැරැද්දත් බොරුවත් එක් ක්ශනේකින් පරදින්නේ"
ඔව් මං වැරදි! අවසානෙදී හරි කෙනයි දින්නේ.
නෑ!! කොහෙ හෝ තැනක ඔයා රැවටිලා
ගිම්හාන සුලගක් ඈ පසු කලා දැවටිලා
මගහැරුන තැනම හිදින්න බෑ නැවතිලා
ලෙහාගන්න බැරිතරම් ඔයාව දැන් පැටලිලා
දුන්න මං හීන,බොද වෙලා දුර පේන
කෙනෙක් හමුවේවා! මං වගේ හිනාවක් ගේන
ආයෙමත් මං කලා ඔයා එපා කිව්ව දේම,
ඉතින් පුදුමයක් නෙවෙයි මට වුන එකත් මෙහෙම!
පිළිගන්නම් වැපිරූ ලෙසයි ලැබුනේ ඵලදාව
ඔයා හෙව්ව සතුට තිබුන් නැද්ද මගෙ ගාව
"නෙක තරු රැසක් එදා දුටුවා මං හද ගාව
ඔයා මට තරුවක්! ඒත් හදයි හරි උපමාව"
වේදනාවක් තරම දැනෙන්න නම් විදින්නෝන
අයිතිවාසිකම් නැතත් සතුටින් දුරින් ඉදින්නෝන
රිදෙව්වොත් එක් හිතක් අනිත් පැත්තට රිදෙන්නෝන
මට දැන් මේ ආදරේ නම් අපායෙන් මිදෙන්නෝන!
අහන් ඉන්න! මට තව දෙන්න එක මොහොතක්
"රෑනගලේ" යන්න අරන් එන්න මල් දෝතක්
තාවකාලික වින්දනෙන් පස්සෙ කැපෙයි කෝකාත්
"මං විතරක් තිරිසන් නම් ඇයි උනේ උන් බෝසත්"
රැවටුනේ ඔයාට මමයි,මට ඔයයි
මං එදා එහෙම කලේ නැත්නම් හැබැයි ඔයා නොයයි
කදුලු වැටුනු දවස් පහයි අදයි හයයි
ඔයා ගිය එක හොදයි නැත්නම් මං ඈ හොයයි..
පිළිතුරු දෙන්න දැන් මං දෙන්නම් ප්‍රශ්නේ
පිවිතුරු නෑ ඔයා ඇයි එතරම්ම දිස්නේ
අපි ඔප දාපු මැණික් දෙනකොට දිස්නේ
බෑ පවරන්න අයිතිය නුඹෙ නම හිස්නේ
කෘතවේදි වෙන්නම් දුන්න හයියට මං දහස් වරක්
දැක්කොත් හිනාවෙන්න යන්න එපා මාව පාස් කරන්
හරි හෝ වැරදි මං වින්ද ආදරේ ඉස්තරම්
එදා දැම්මේ රිදී අද පළදින්නෙ රත්තරං!!
පුරවන්නම් හිදැස් මං එදා අතපසු වූ
අයදින්නම් සමා නුඹේ ඇස් දෙකෙන් රතු වූ
ආයෙත් දෙන්නම් "Mal" මං ඔයාට ඔයා නැතු වූ
I'll call you later babe, Good bye & See you!!
ගුලි කර හද මා
අපැහැදිලිම මතකයන් ගත ආශ්වාස කෙරෙව්වත්
පිට පිට දුන්න ගී පිළිවෙලින් කොනක ඉඳන් පතුරු ගලවලා එලෙව්වත්
මට "මම" නැති රෑ "උඹ" ගැන මොන පකටද මුලු අහසම විමසුවත්
කරුමයක්නම් නොනිදන රාත්‍රිය
නාස්තියක් නෙමෙයි ඒ කාර්තුවම පැලවූවක්
මං එදා ආස කරා
දැන දැනම උඹ ගියෙ විනාසෙ කරා
අපහාස කරා
ඇති තැන් වලත් නැති දේවල්
සිහිකරන් යනවා මන් පාර පුරා
දුන්නා වාර තුනක් එදා සමා
ආස නෑ සති මාස ගනන් මන් බලා ඉන්න
මතකද මන් නැවත නෑ අහන්නෙ
ගියෙ උඹ ප්‍රේමණීය හදවතක් මරා!!