Lyrics: Lakshitha Mihiran Music: Lakshitha Mihiran මිහිදුම් දුමාරයෙන් වෙලී ඔබ ඈතින් එන්න මට හුරු නැති ආදරේ පහස දැනෙන්නට දෙන්න
ස්වේතා ඉඳුනිල් දෑසින් සිනා මට පාලා කීවා ආදරෙයි කියලා ස්වේතා ඉඳුනිල් දෑසින් සිනා මට පාලා කීවා ඔබ මාගේ කියලා
සඳ පෑයු ඝන රෑක වලාකුලින් බැසලා එනවාද මගෙ සිහින පීරා නුඹ ගාව හැමදාම සැනසෙන්න ඕනා දෙනවාද ඔය දෑත ස්වේතා කියන්න ස්වේතා එනවාද කියලා දකින්න ආසයි ඔය රුව ඇඳුනු සේයා මගේ හුස්මන් පුරා සැරිසරා
ස්වේතා ඉඳුනිල් දෑසින් සිනා මට පාලා කීවා ආදරෙයි කියලා ස්වේතා ඉඳුනිල් දෑසින් සිනා මට පාලා කීවා ඔබ මාගේ කියලා
මල් දෙවැට සැරසිලා තුරු පාර හැඩ වෙලා නුඹ එනතුරා මග බලනවා හිරු රැස් පවා හද පතුල කැළඹිලා ආදරේ ඉල්ලලා විඳගන්න ඉඩදෙන්න තව ලංවෙලා ළඟ ඉන්න ස්වේතා මවා රූප ඡායා මගෙ වෙන්න ස්වේතා දෑතේ වෙලිලා
ස්වේතා ඉඳුනිල් දෑසින් සිනා මට පාලා කීවා ආදරෙයි කියලා ස්වේතා ඉඳුනිල් දෑසින් සිනා මට පාලා කීවා ඔබ මාගේ කියලා