Lyrics: Dilan Weerasooriya/Vindula Alwis Music: Piyath Rajapakse දග කරනා සිත සොයනා රස මුව මී මල් ගොමුවේ විද ගන්නට ඉඩ දෙනවද මට දැවටී මා සුරතේ සුදු මීදුම් මැද දුල තරුකැට දකිනා ලෙස අදුරේ මුව වදනින් නොව නෙතිනෙත බැද දකිමුද පෙම් සිහිනේ ඔබෙ ජීවිතේ මගේ කියා මා හදවතේ ලියා තියා ආදරේ........ හේ ආදරේ මා නමින්.. ආදරේ........ හේ ආදරේ මා නමින්..
නිදි නොයෙනා හැම රැයකම සිත ඔබ ලගමයි රැදුනේ රෑ සිහිනෙන් මම සෙව්වේ නුඹ කොහෙදෝ ඔබ සිටියේ.. මා අතැගිලි ගෙන පපු තුරුලෙම සගවනු මා සොදුරේ මට කොදුරනු මැන මගෙ සවනට.. අපෙ ආදර ගීතේ ඔබෙ ජීවිතේ මගේ කියා මා හදවතේ ලියා තියා ආදරේ........ හේ ආදරේ මා නමින්.. ආදරේ........ හේ ආදරේ මා නමින්..
ලංවෙලා ආදරෙන් මට උණුහුම දෙන්න සැමදා.... ඔබේ නමින් මා නිවෙම් සෙනෙහෙන් සිපගනිමි සැමදා....|| ලංවෙලා ආදරෙන් මට උණුහුම දෙන්න සැමදා.... ඔබේ නමින් මා නිවෙම් සෙනෙහෙන් සිපගනිමි සැමදා....|| ආදරේ........ හේ ආදරේ මා නමින්.. ආදරේ........ හේ ආදරේ මා නමින්..