Lyrics: Kevin Perera
Music: Kevin Perera
මේ හීනයේ දැනුණු ආලයෙ කථා
ඒ දෑස කීවේ කදුලැල් අමුණලා
පෙමට නෑ සිමා ඇයිද ආයාචනා
ළගට නාවත් ඔයා
ඉන්නම් මග බලා
තේරුණාදෝ ආදරේ කොයිතරම් කියලා
දැනුනේ නෑ මුල් කාලයේ වාගෙ නම් මෙදා
අහිමි සඳ නුඹ මා රළු අහසේ
නොයන බැව් මා දන්නවා
ඇසුනාදෝ විලාපේ
මාගේ හෘදයේ කකියනා
සංසාරයේ මතක ගානේ පවා
දෑතින් දෑත බැඳුනේ අපි අපේ වුනු නිසා
දැනුණ නම් ආදරේ තේරුමක් පෙර දිනේ
කාලයක් ගිය මගන් හැරෙණු බෑ හිතුමතේ